කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
සැබෑ භක්තිවන්ත කම
"උන්වහන්සේ සදිස්සි වරුන් නිශ්ශබ්ද කල බව පරිසිවරුන් අසා, එකට රැස්වූවෝය.
ඔවුන් අතරින් ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට, උන්වහන්සේ පරික්ෂා කරමින්;
ආචාරිනී, ව්‍යවස්ථාවේ ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවෝය.
උන්වහන්සේ ඔහුට කතා කොට;
නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද,
නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව.
මේක පළමුවැනි උතුම් ආඥාවය.
නුමුත් මෙය හා සමාන දෙවැනි ආඥාවක් ද එයට අයත් වෙයි.
එනම්, නුඹට මෙන් නුඹේ අසල් වැසියාටත් ප්‍රේම කරව යන ඒ ආඥාවය.
මේ දෙක පිට පමණක් මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් පිහිටා තිබේ යැයි උන්වහන්සේ කිසේක.
-මතෙව් 22:34-40 -->
දේව භක්තිය, විශ්වාසය හෝ ඇදහිල්ල මෙන්ම ආගම ධර්මය යන මේ තේමාවන් පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ, ඒවා එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික කැමැත්ත මෙන්ම කැපවීමත් සමග පමණක් ක්‍රියාවට නැගෙන හේතුව උඩයි. ඒ අනුව විශ්වාසය හෝ ඇදහිල්ල මෙන්ම සැබෑ භක්තිවන්ත කමද අප එකිනෙකාගේ අවංක කීකරුකම මත ගොඩනැගෙන්නක් බවත් පිළිගැනීමට සිදුවෙයි.
ඇදහිල්ල හෝ විශ්වාසය යන මේ ආත්මික ක්‍රියාධාමය සම්පුර්ණයෙන්ම පෞද්ගලික එකක් වුවත්, මිනිසුන් පුද්ගලිකව අදහන ඒ ඇදහිල්ල හෝ විශ්වාසය පවා කඩා දැමීමට භාධා පමුණුවමින් මිනිසුන් නොමග යැවීමට උත්සාහකරන මිනිසුන් පවා අප අතර සිටිණ බවත් පැහැදිලිවම පෙනෙයි. මේ ක්‍රියාව සමහරුන් ආගම ධර්මයට මුවාවෙන් පුද්ගලික අරමුණු මුදුන්පත් කරගැනීම උදෙසා රහසිගතව කරන අතරම තවත් සමහරුන් එසේ කරන්නේ ප්‍රසිද්ධියේ සංවිධානාත්මකව බවත් අපට අප ජිවත්වන මේ ජනසමාජය තුලින්ම දැකීමට හැකියි.
පසුගිය සතියේ යු-ටියුබ් චැනලයක ක්‍රිස්තියානි බයිබල් සාකච්චාවක් ලෙසින් හඳුන්වා දී තිබු වැඩසටහනකට ඇහුන්කන් දීමේදී මා අත්දුටු මේ අත්දැකීම විශේෂ එකකි. එහි පුද්ගලයන් දෙදෙනෙක් බයිබලය ගැන සාකච්චාවක් කරයි. එක්කෙනෙක් ප්‍රශ්ණයක් අසයි, අනෙක් පුද්ගලයා බයිබලය උපුටා දක්වමින් එයට පිළිතුරු සපයයි. මොවුන් දෙදෙනා පාස්ටර්වරයන් ලෙසින්ද පෙනීසිටිය නුමුත් එහි මා දුටු විශේෂත්වය වන්නේ, ඔවුන් දෙදෙනාම ඉතා දක්ෂ ලෙසින් බයිබලයේ පද උපුටා දක්වමින් ඒ තුළින් බයිබලය අදහන මිනිසුන් ඉතාමත් ශුක්ෂම ලෙසින් නොමග යැවීමට උත්සාහ දරන රැවටිලිකාරයන් බවයි.
ක්‍රිස්තියානි දේවගැතිවරුන් මෙන් බොරුවට පෙනිසිටිමින් ඇදහිලිවන්තයන් මුලා කිරීමටත් ක්‍ෂුක්ෂමව මිනිසුන් තුල දේව වචනය ගැන සැකය මතු කිරීමටත් ඔවුන් ගෙන ගිය ඒ සාකච්චාව ඇදහිලිවන්තයන් මුලා කිරීමට යොදාගත් උගුලක් බවත් ඒ තුලින් පිළිඹිඹු වෙයි.
දේව වචනය ගැන පැහැදිලි අවබෝධයක් පුද්ගලිකව නොවුනේ නම්, ඔවුන්ගේ මේ නොමග යැවීමට පහසුවෙන් හසුවිය හැක්කේ, ඔවුන් බොරුවට පාස්ටර් වරුන් ලෙසින්ද පෙනීසිටීම වීමයි. නුමුත් සාකච්චාව තුලින් ඉදිරිපත් කෙරුණ අදහස්වලට අනුව ඔවුන් අවංකව දේව වචනය ඉගැන්වීමට උත්සාහකරන පාස්ටර්වරුන් මෙන් නොපෙනෙයි.
ඒ ගැනත් මෙහි සඳහන් කිරීමට අදහස් කලේ ඇදහිලිවන්තයන්ට දේව වචනය ගැන සාමාන්‍යය දැනීමක් හෝ නොමැති වනවිට මෙවැනි මුලාකිරීම් වලට පහසුවෙන් හසුවිය හැකිබවත් පෙන්වාදීමටයි.
එබැවින් අද දිනයේ මේ මාතෘකාව ගැනත් සාකච්චා කිරීමට අදහස් කලේ, මෙවැනි රැවටිලිකාරයන් ගැනත් පැහැදිලි අවබෝධයක් ඇදහිලිවන්තයන් වන අපටත් අවශ්‍යය නිසායි. ඇදහිල්ලෙන් මුලාව යැවීමටත් ඒ ගැන සැකය මතුකිරීමත් අරමුණු කරගෙන අප මාධ්‍යයේ සිදුවන එවැනි දේවල් වලට දේව වචනය ගැන හරි අවබෝධයක් නොමැති සවන් දෙනවිට සිදුවන්නේ සත්‍යය මඟහැර ගැනීමට ඒවා මඟ පෑදීමයි. උවමනාවෙන්ම එසේ කිරීමට කරන එවැනි රැවටිලිකාර ක්‍රියා වලින් බේරීසිටීමට නම් සාමාන්‍යය ලෙසින් හෝ දේව වචනය ගැනත් දැනගෙන සිටීමේ උවමනාවත් මතුවෙයි.
ඇදහිලිවන්තයන් නොමග යැවීමට දරණ මේ උත්සාහය අද ඊයේ ඇති වුවක් නොවෙන බව බයිබලයේ ඇති වාර්තාද පෙන්නුම් කරයි. යේසුස් වහන්සේ ජීවත්වූ ඒ කාලයේ මෙන්ම පළමු ශතවර්ෂයේ පටන්ගත් ඒ දේව සභාව පවා මේ අභියෝගයට මුහුණ දුන් බවත් බයිබලයේ ඇති වාර්තා පෙන්වයි. එබැවින් වර්තමානයේ ජිවත්වන අපත් එවැනි ක්‍රියා ගැනත් අවබෝධයෙන් මෙන්ම අවදියෙන්ද සිටීමත් අවශ්‍යය වන්නේ බොරුවට නොරැවටෙනු පිණිසයි.
මේ නොමග යැවීමට හසු නොවෙනා ලෙසින් මුල් සභාවේ සිටි ඇදහිලිවන්තයන් දැනුවත් කරන ආකාරය පෙත්රුස් තුමාගේ ලිපිය සාක්ෂි සපයයි.
"සිහි ඇතුව අවදිව සිටපල්ලා.
මක්නිසාද නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්‍ෂයා
ගොරවන සිංහයෙකු මෙන්
කවරෙකු ගිලගනිම් දෝ යැයි සොයමින්,
ඔබ මොබ ඇවිදින්නේය.
එබැවින් නුඹලාගේ ඇදහිල්ලෙහිම ස්ථිරව පැවතියල්ලා".
-පෙත්රුස් 5
යේසුස් වහන්සේ ජීවත්ව සිටි ඒ කාලයේදී පවා ආගම නාමයෙන් පෙනීසිටිය එවැනි රැවටිලිකාරයන් සිටිය බවට ඇති වාර්තා ශුභාරංචි පොත්වල දැකීමට හැකිවෙයි. මොවුන් පවා ආගමික නායකයන් ලෙසින් මිනිසුන් ඉදිරියේ පෙනීසිටිය මිනිසුන් පමණක් නොව නුමුත් මිනිසුන් මුලාකිරිම සඳහා ඔවුන්ද දේව වචනයත් ඔවුන්ගේ වාසියට පෙරලාගනිමින් ක්‍රියා කලබවත් ශුභාරංචි පොත්වල දැකීමට හැකිවෙයි.
අද දින සාකච්චාව වෙනුවෙන් ඉහත සඳහන් ඒ පසුබිම මෙන්ම යේසුස් වහන්සේ මුහුණ දුන් එවැනි අවස්ථාවක් ගැන සඳහන් වාර්තාවක්ද පසුබිම් වෙයි.
"ආචාරිනී, ව්‍යවස්ථාවේ සඳහන් ආඥාවන් වලින් උතුම් ආඥාව කුමක්ද?" යනුවෙන් පරිසිවරයෙක් දිනක් යේසුස් වහන්සේ ගෙන් ප්‍රශ්නයක් අසා සිටි බව මතෙව්ගේ පොතේ සටහන් වෙයි. ඔහු අසා සිටිය මේ ප්‍රශ්නයේ අරමුණ සත්‍යය දැනගැනීම වෙනුවෙන් නොව නුමුත් මිනිසුන් නොමග යැවීම සඳහා මුල්වූ එකක් බවත් පසුබිම පෙන්වයි.
"උන්වහන්සේ සදිස්සි වරුන් නිශ්ශබ්ද කල බව පරිසිවරුන් අසා, එකට රැස්වූවෝය.
ඔවුන් අතරින් ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට, උන්වහන්සේ "පරික්ෂා කරමින්";
ආචාරිනී, ව්‍යවස්ථාවේ ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවෝය.
පරිසිවරයා එසේ යේසුස් වහන්සේ ගෙන් ප්‍රශ්ණයක් ඇසීමට මුල්වූ හේතුව වන්නේ, යමක් දැනගැනීමට නොව නුමුත් රවටා ගැනීමට බවත් එහි සඳහන් වෙයි. මෙහි ඒ පුද්ගලයා පරිසියෙකු ලෙසින් හඳුන්වාදීමෙන් අදහස් වන්නේ, ඔහු දේව ධර්මය උගන්වන ආචාර්ය වරයෙකු බව පැවසීමයි.
තමා හොඳින් දන්නා විෂයක් ගැන එවැනි ප්‍රශ්ණයක් අසා සිටින්නේ ඇයි? යන්න ඔහුගේ අරමුණ පැහැදිලි කරයි.
යේසුස් වහන්සේගේ ඉගැන්වීම අසමින් සිටි ඒ සෙනග නොමග යැවීමට එදා ඒ පරිසිවරයා යොදාගත් මේ ශුක්ෂම උපක්‍රමයේ පසුබිම වටහාගැනීමත් මෙහිදී අපට වැදගත් වන්නේ, අපත් එවැනි රැවටිලිකාර මිනිසුන්ගේ මුලාවලට හසු නොවෙනා පිණිසයි. හේතුව ඔහුත් මතුපිටින් ආගමික නායකයෙකු ලෙසින් පෙනිසිටිමින් ඒ සඳහා දේව වචනය යොදා ගත්බවත් පෙනෙයි.
පරිසිවරයා යේසුස් වහන්සේ ගෙන් අසා සිටි ඒ ප්‍රශ්ණයට ඇති පිළිතුර පැහැදිලි එකක් වන්නේ, එයට ඇති පිළිතුර යේසුස් වහන්සේ මෙන්ම පරිසිවරයාද දැන සිටීම වීමයි.
පරිසිවරයා යේසුස් වහන්සේ විසින් පවසා සිටින මෙන් ඉල්ලා සිටින ඒ "පිළිතුර" දෙස විමසිල්ලෙන් බලනවිට පෙනෙන්නේ; ඔහු විසින් "පළමු එක" යනුවෙන් ඒ ගැන විශේෂයෙන් සඳහන් කර ඇති බවත් දැකීමයි. එයින් අදහස් වන්නේ ඔහු "පළමු එක" පමණක් පිළිතුර ලෙසින් උන්වහන්සේ ගෙන් බලාපොරොත්තු වූ බවයි.
ඔහුගේ ඉල්ලීම පළමු එක පමණක් පවසන්න යන ඉල්ලීම වුවත්, යේසුස් වහන්සේ ඔහුට දෙන පිළිතුර තුලින් පෙනෙන්නේ, ඒ ආඥාව කොටස් "දෙකකින්" සමන්විත වූ එක ආඥාවක් වූ බැවින් උන්වහන්සේ ඒ කොටස පමණක් නොව නුමුත් එයට අයත් කොටස් දෙකම පැවසු බවයි. පරිසිවරයා ඇසු ඒ ප්‍රශ්ණයට යේසුස් වහන්සේ දෙන පිළිතුර තුල එය මනාව පැහැදිලිවෙයි.
උන්වහන්සේ ඔහුට කතා කොට;
නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද,
නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව.
මේක පළමුවැනි උතුම් ආඥාවය.
නුමුත් ඒ හා සමාන දෙවැනි ආඥාවක් ද එයට අයත් වෙයි.
මේක පළමුවැනි උතුම් ආඥාවය."නුමුත් " යනුවෙන්ද පවසමින් යේසුස් වහන්සේගේ ඒ පිළිතුර එතැනින් නතර නොවූ හේතුව පෙන්වාදෙන්නේ, මෝසෙස් විසින් දෙනලද ඒ ආඥාව එතැනින් නතර නොවෙන හේතුවයි. එමෙන්ම ඒ පරිසිවරයා එහි දෙවැනි කොටස උවමනාවෙන්ම මඟ හරිනා උත්සාහයයි.
නුමුත් යේසුස් වහන්සේගේ පිළිතුර එළිදරව් කරන්නේ ඒ ආඥාව කොටස් දෙකකින් සමන්විත වූ එක ආඥාවක් වන බැවින් එයින් එක කොටසක් අතහැරදමා අනෙක් කොටස පමණක් යොදාගැනීමට නොහැකි කාරණයයි. එබැවින් යේසුස් වහන්සේ ඒ එක ආඥාව තුල ඇති කොටස් දෙකම ඔහුට පවසනු පෙනෙයි.
පරිසිවරයා යේසුස් වහන්සේ ගෙන් එහි පළමු කොටස ගැන පමණක් අසා සිටියත් යේසුස් වහන්සේ මෙහිදී ඔහුට මෝසෙස් විසින් දෙන ලද ඒ ආඥාවේ අඩංගු කොටස් දෙකම පෙන්වාදීම පිටුපස විශේෂ හේතුවක්ද තිබෙයි. එසේම යේසුස් වහන්සේද මෙහිදී උන්වහන්සේව මුලා කිරීමට පරිසිවරයා යොදාගත් ඒ උපක්‍රමයත් තේරුම් ගෙන එයට පිළිතුරු දුන් බවත් එහි පැහැදිලිව පෙනෙයි.
පරිසිවරයාගේ උපක්‍රමය වන්නේ, සම්පුර්ණ ආඥාවෙන් එක කොටසක් පමණක් අරගෙන ඉන්පසු ඒ කොටස පමණක් යොදාගනිමින් ඒ කොටස තුලින් රැස්ව සිටි ඒ සෙනග ඉදිරියේ තමුන්ගේ අරමුණ ඉටුකර ගැනීම වූ නුමුත් ඒ මුලාවට හසු නොවන පිණිස යේසුස් වහන්සේ කරන්නේ; ඔවුන් විසින් සංශෝදනයකර (ඔවුන්ට පාඩුවන කොටස් අයින්කර) ක්‍රියාවට නගන ඒ ආඥාවට අයත් සියලුම කොටස් ඇතුලත් කර ආඥාව ලියැවී ඇති සැටියෙන්ම සෙනග ඉදිරියේ පැවසීමයි.
උන්වහන්සේ ඔහුට කතා කොට;
නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද,
නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව.
මේක පළමුවැනි උතුම් ආඥාවය.
නුමුත් ඒ හා සමාන දෙවැනි ආඥාවක් ද එයට අයත් වෙයි.
එනම්, නුඹට මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරව යන ඒ ආඥාවය.
මේ දෙක පිට පමණක්
"මුළු ව්‍යවස්ථාවත්", "අනාගත වාක්‍යයත්" පිහිටා තිබේ යැයි
උන්වහන්සේ කිසේක.
-මතෙව් 22:34-40
යේසුස් වහන්සේ මෙහිදී මෝසෙස් විසින් දෙන ලද ඒ ආඥාවේ "පරිසියන් විසින් පිළිගත්" කොටස පමණක් නොව නුමුත් ව්‍යවස්ථාවේ එය ලියවී ඇති සැටියෙන් සම්පුර්ණ ලෙසින් පවසා සිටින්නේ දේව ආඥාව පැවැත්වීමේදී හෝ දෙවියන්වහන්සේගේ කැමැත්තට කිකරුවිමේදී එය කල යුත්තේ අවංකව මෙන්ම සම්පුර්ණ ලෙසින් බවත් පෙන්වාදීමටයි. එසේ කිරීමෙන් උන්වහන්සේ ආගමික නායකයන් වූ ඔවුන් ප්‍රශිද්ධියේම කිරීමට පුරුදුවී සිටි වැරද්දත් පෙන්වාදෙයි. උන්වහන්සේ ඒ පරිසිවරයාගේ මුලාවට හසු නොවුන බවත් එය පැහැදිලි කරයි.
යේසුස් වහන්සේ පෙන්වාදුන් පරිදි මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් ඒ ආඥාව කොටස් දෙකකින් සමන්විත වූ එකක් වූ නුමුත් ආගමික නායකයන් වූ ඔවුන් කැමැත්තෙන්ම එයින් එකක් ඉවත දමා අනික් එකට පමණක් කීකරුවිමට පුරුදුව සිටියේ ඇයි? යන කාරණාවත් මෙහිදී වටහා ගැනීමත් අපට ප්‍රයෝජනවත් වන්නේ, ඒ තුලින් යේසුස් වහන්සේ පවසන උන්වහන්සේගේ ඉගැන්වීමද තේරුම් ගන්නා පිණිසයි.
එබැවින් ආගමික නායකයන් වූ ඒ පරිසිවරයන්ගේ ඉගැන්වීම සහ යේසුස් වහන්සේ ගේ ඉගැන්වීම වෙන් වෙන් වශයෙන් සොයා බලමු.
ව්‍යවස්ථාව සංශෝදනය කිරීම සහ ඒ තුලින් සිදුවූ මුලාව
පරිසිවරයන් වූ ඒ ආගමික නායකයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව සංශෝදනය කර එය තමුන්ට පහසුවන ආකාරයෙන් නැවත සකසාගෙන පිළිපැදීමට පුරුදුවී සිටිය බව අලුත් ගිවිසුම පෙන්වාදෙයි. එදා ඒ පරිසිවරයා යේසුස් වහන්සේ ගෙන් අසා සිටිය ඒ ප්‍රශ්ණය තුලින්ද එය පැහැදිලිව පෙනෙයි.
උදාහරණයක් හැටියට සබත් දිනයේදී කිසි වැඩක් නොකොට යුතුයි යනුවෙන් මෝසෙස් විසින් දෙනලද ඒ ආඥාවේ ලියා තිබුණත්, යේසුස් වහන්සේ ජීවත්ව සිටි ඒ කාලයේදී යුදෙව්වන් සබත් දවසේ තමාගේ කොටළුවාට අනතුරක් වී යයි දැනගත්විට එය සිදුවුයේ සබත් දවසේදී වුවත්, තමාගේ කොටළුවා බේරා ගැනීමට ක්‍රියා කල බව සඳහන් වෙයි. එසේම තමාගේ කෙතේ යමක් විනාශවී යාමෙන් වලකා ගැනීම වෙනුවෙන් ආඥාව වෙනස්කරගෙන ඔවුන් සමහර දේවල් කිරීමට පුරුදුව සිටි බව පෙනෙයි.
මෝසෙස් විසින් දෙනලද ඒ ආඥාවට පටහැනිව සිදුවුණ මේ පුරුද්දට හේතු වන්නේ; ව්‍යවස්ථාව පරිවර්තනය කර උගන්වන්නාවූ ඒ පරිසිවරයන් විසින් දේව ආඥාවන් සංශෝදනය කරමින් කල අලුත් ඉගැන්වීමයි. ඒ අනුව ආඥාවේ සමහර කොටස් අවස්ථාවට අනුකුලව වෙනස් කරගෙන පැවැත්වීමට හැකිවන පරිදි වෙනස්වී තිබීම එයට හේතුවෙයි.
එකල ආගමික නායකයන්ට විරුද්ධව යේසුස් වහන්සේ කල ඉගැන්වීමට මුල්වන ප්‍රධාන කාරණය වන්නේත් මේ පසුබිමයි.
දේව වචනය තම තමුන්ගේ වාසිය හෝ පහසුව වෙනුවෙන් වෙනස්කරගෙන ක්‍රියාවට නැගීම වරදක් පමණක් නොව නුමුත් එයින් කිසි යහපතක් හෝ ආශිර්වාදයක් දෙවියන්වහන්සේ ගෙන් පවා බලාපොරොත්තු විය නොහැකි බවත් පෙන්වාදෙමින්, මිනිසුන්ට එවැනි බොරු ඉගැන්වීම් උගන්වන ඒ ආගමික නායකයන්ට විරුද්ධව යේසුස් වහන්සේ කතා කිරීමට හේතු වුයේද සැබෑ භක්තිවන්තකම වෙනුවෙන් අවංකව දේව වචනයට කීකරුවිය යුතු බවත් පෙන්වාදීමටයි.
එදා ඒ පරිසිවරයා යේසුස් වහන්සේ ගෙන් අසාසිටිය ඒ ප්‍රශ්ණය පිටුපසින් ගොඩනැගුණ පසුබිම වන්නේත් එයයි. දේව ආඥාව සම්පුර්ණයෙන් පැවැත්වීමට යද්දී ඒ තුලින් ඔවුනට පාඩුවක් සිදුවන බැවින් තමුන්ට පාඩු ඇතිකරන ඒ ආඥාවේම දෙවැනි කොටස ගණන් නොගෙන එය අත්හැරදමා, ඒ වෙනුවට තමුන්ට පාඩුවක් ගෙන නොදෙන ඒ පළමු කොටස පමණක් පිළිගෙන පැවැත්වීම ඔවුන්ගේ පුරුද්ද වී තිබුන බැවින්, ඒ පරිසියා යේසුස් වහන්සේගේ ඉගැන්වීමට විරුද්ධවී උන්වහන්සේට වරද තැබීමට කාරණයක් සොයාගැනීමට යොදාගන්නේත් ඒ ආඥාවේ ඔවුන් පිළිගෙන සිටිය කොටස පමණක් බවත් පෙනෙයි.
මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ඇති ඒ ආඥාවට අඩංගුවූ එහි දෙවැනි කොටස වන්නේ "නුඹට මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරව" යන කොටස වුවත් ඒ කොටස ඔවුන් යේසුස් වහන්සේ ජීවත්ව සිටි ඒ කාලයේ ගණන් නොගත් බවත් එයින් පැහැදිලි වෙයි.
මෝසෙස්ගේ ආඥාවේ සඳහන් මේ "අසල්වැසියා" යන ඒ වචනයේ සරල තේරුම් වන්නේ "දුප්පත් අසරණයන්" යන තේරුමයි. ඒ අදහසට දුප්පත් අසරණයන් මෙන්ම මව්පිය නැති දරුවන් සහ වැන්දඹුවන්ද අයත් වෙයි.
යේසුස් වහන්සේ එදා දේව වචනය තුලින් පහදා දුන්නේ ඔවුන් වෙනස්කරගෙන කිරීමට පුරුදුවී සිටිය ඒ පැත්ත ගැනයි. එනම් දෙවියන්වහන්සේට කීකරුවූ දරුවන් හැටියට අපි එවැනි අසරණයන් ගැනත් සැලකිලිමත් වියයුතු බවත් පෙන්නාදීමයි.
නුමුත් එකල සිටි ඒ ආගමික නායකයන් මෙන්ම යුදෙව්වන්ද ඒ දුප්පතුන්ට සැලකීම යන ඒ කොටසට ගරු කිරීමට අකමැති වුයේ, එසේ කිරීමට යනවිට ඒ තුලින් ඔවුන්ට ආර්ථික අතින් පාඩු විඳීමටද සිදුවන නිසායි. එබැවින් දේව වචනය පෙන්වාදී ඇති අසල්වැසියා යන වචනයට අලුතින් අර්ථකතනයක් දෙමින් දේව ආඥාවේ අර්ථය වෙනස්කර ඉගැන්වීමට ආගමික නායකයන් පුරුදුවී සිටි බවත් අලුත් ගිවිසුමේ ඇති වාර්තා පෙන්වාදෙයි.
ආගමික නායකයන් වූ ඒ පරිසිවරයන්, දිනපතා තමුන් ඉදිරියේ සිටින එවැනි දුප්පත් අසරණයන් "පව්කරුවන්" යයි හඳුන්වමින් එවැනි මිනිසුන්ගෙන් ඈත්වී සිටීයේ; තමුන්ගේ "පොහොසත්කම" තමුන් ව්‍යවස්ථාව පවත්වන "ශුද්ධවන්තයන් වීමේ හේතුව" යයිද ප්‍රශිද්ධියේම පවසමිනුයි.
එබැවින් ඔවුන් ශුද්ධ වන්තයන්සේ දේව මාලිගාවට ගොස් දෙවියන්ට පුද පුජා පවත්වමින් ලෝකයා ඉදිරියේ මවාපෑමක් කලත්, යේසුස් වහන්සේ ඔවුන් කරන ඒ ක්‍රියාවන් තුල සැබෑ කීකරුකම හෝ සැබෑ දේව භක්තිය හෝ ව්‍යවස්ථාවේ ඇති ඒ ආඥාවට සම්පුර්ණ ලෙසින් කිකරුවීම හෝ නොවෙනා බව ප්‍රශිද්ධියේම පවසා සිටියි.
ඒ අනුව යේසුස් වහන්සේ ඔවුන් ආඥාව පැවැත්වීමට බැඳී සිටින ආගමික නායකයන් ලෙසින් නොව නුමුත් ආඥාව කඩකරන බොරු ගුරුවරුන් ලෙසින් ප්‍රසිද්ධියේ හෙලාදුටු බවත් ශුභාරංචි පොත් පෙන්වාදෙයි.
යේසුස් වහන්සේගේ ඉගැන්වීම පෙන්වා දෙන්නේ දේව ආඥාව සම්පුර්ණයෙන්ම පැවැත්වීමට ඇදහිලිවන්තයන් බැඳී සිටියි යන ඉගැන්වීමයි. එයින් අදහස් වන්නේ එසේ කිරීමට යද්දී ඒ වෙනුවෙන් අපට බොහෝ දේ අතහැර දැමීමට සිදුවුවත් හෝ පාඩු ගෙනදෙන අවස්ථාවන් මතුවුවත් දෙවියන්වහන්සේට කීකරුව ජීවත්වීම යන ඒ උත්සාහයේදී කීකරුකම හැරෙන්නට වෙනත් කෙටි මඟක් අපට ඒ වෙනුවෙන් නොමැති බවයි.
එබැවින් දෙවියන්වහන්සේට සම්පුර්ණයෙන් කිකරුවෙනවා හැරෙන්නට ඇදහිලිවන්තයාට ඒ වෙනුවෙන් වෙනත් මගක් නොවෙයි. අප එකිනෙකාගේ පුද්ගලික වාසිය හෝ පහසුව නිසා ඉන් කොටසක් අරගෙන ඒවාට කිකරුවිම තුලින් පමණක් අපිට අපි දෙවියන්වහන්සේට කීකරුව ජීවත්වනවා යයි පැවසීමට නොහැකි වන්නේ, එවිට දෙවියන්වහන්සේට සම්පුර්ණ ලෙසින් කිකරුවිමක්ද අප අතින් සිදු නොවෙනා හේතුව උඩයි.
"නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේට මුළු සිතින්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න, මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාවය. නුමුත් මෙයට සමාන තව එකක් ඇත. එය නම් නුඹට මෙන් නුඹ නුඹේ අසල්වාසියාටත් ප්‍රේම කරපන්න. මක්නිසාද මුළු ව්‍යවස්ථාවම රඳා පවතින්නේ මේ ආඥා දෙක මතය යැයි ඔවුන්ට කිවේය". -මතෙව් 22:37 -40
ඕනෑම කාසියක දෙපැත්තක් තිබෙයි යනුවෙන් අපගේ මුතුන් මිත්තන් පැවසීමට පුරුදුව සිටියේ ඕනෑම දෙයක එක පැත්තක් ගැන පමණක් නොබලන්න යන අදහසද පෙන්වා දීමටයි.
ඒ අනුව බයිබලයේ ඇති ඉගැන්වීම පවා අපගේ වාසියට අනුව කෑලිවලට කඩාගෙන ඇදහීමට යැම හෝ සම්පුර්ණ සත්‍යය වසන්කොට ඒවායින් කොටසක් පමණක් තම තමුන්ගේ වාසිය වෙනුවෙන් වෙනස්කර උගන්වන ඉගැන්වීම් අනුගමනය කිරීමට යාම තුළ සත්‍යය මඟහැර ගැනීමේ අවධාණය මතුවෙයි. ඉහත මා සඳහන් කල ඒ යු-ටියුබ් සාකච්චාව තුලින් පවා මතුවුයේද එවැන්නක් බවත් අප තේරුම් ගතයුතුයි.
ඕනෑම දෙයක් ගැන ඕනෑම පුද්ගලයෙකු සන්ධර්භයෙන් පිට අදහස් දැක්වීමදී ඔවුන් කරන්නේ මවාපෑමක් පමණි. එබැවින් මෙහිදී ඇදහිලිවන්තයන් හැටියට අප මේ පව්කාර ලෝකය දෙස ඥාණන්විතව බැලීමටද ඉගෙන ගතයුතු වන්නේ, එවැනි උගුල්වලට හසුවී තම තමුන්ගේ ආත්මික ජීවිතය ඒ තුලින් විනාශ කර නොගන්නා පිණිසයි.
"සැබෑ භක්තිවන්තකම" යනුවෙන් හඳුන්වන දෙවියන් නමස්කාර කිරීම යන මේ "ආත්මික ක්‍රියාව තුළ" කීකරුව ක්‍රියාවට නැංවිය යුතු කොටසක්ද තිබෙන බවත් යේසුස් වහන්සේ මෙහිදී අපටත් මතක් කර සිටියි.
පරිසිවරයන් ගේ ආත්මික ජීවිතය දෙස බැලීමේදී පැහැදිළිවන වංක කම ක්‍රිස්තු ඇදහිල්ලට මුල්වන සැබෑ භක්තිවන්ත කමට හරස්වෙමින් සැමවිටම විරුද්ධව ක්‍රියා කරයි. ඒ බැවින් දෙවියන් ඇදහීම දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව පමණක් සිදුවිය යුතුයි.
දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට නම් ඒ වෙනුවෙන් අපට ඇති එකම මාර්ගය වන්නේ දෙවියන්වහන්සේගේම වචනය පමණයි. ඇදහිලිවන්තයන් දේව වචනය දිනපතා කියවා ඒ දැනුම වර්ධනය කරගැනීමත් අවශ්‍යය වන්නේද සැබෑ භක්තිවන්තයන් වන පිණිසයි.
යමෙක් යේසුස් වහන්සේ විශ්වාස කොට ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීමට පැමිණීම පමණක් සම්පුර්ණ ක්‍රිස්තියානි ජීවිතය යනුවෙන් අදහස් නොවන්නේද මේ කාරණය උඩයි. ආත්මික ජීවිතය අවසන් වන්නේ අප ආත්මයෙන් දෙවියන්වහන්සේ සමග සම්බන්ධ වන ඒ අවස්ථාවේ දී බව දේව වචනය පැහැදිලිව පවසා තිබෙයි. එබැවින් ඒ දවස දක්වා ඇදහිල්ලෙන් මුලාව නොගොස් අපගේ සැබෑ භක්තිය තුල පිහිටා සිටීමේ වගකීමද අප එකිනෙකා පිට පැවරී තිබෙන බවත් අප සිහිතබා ගත යුතුයි.
පාඩම මෙතනින් අවසන් වෙයි.
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)